maco

maco

Thursday, 30 August 2018

ජල සම්පත සුරකිමු

ස්භාවික සම්පතක් වන ජලය ස්භාධර්ම මෑණියන්ගෙන් ලැබුණු අපුර්ව දායාදයක් ‌ලෙස සලකයි. මිනිසුන් වන අපගේ එදිනෙදා කටයුතු වලදී ජලය නැතුවම බැරි අංගයකි. එනම් බීමට, ස්නානයට,ආහාර පිලියෙල කිරිමට, විනෝදාස්වාදය වැනි අවස්ථාවලටය. අපට ජලය ලබා දෙන මුලාංග ‌ලෙස වැව්, ‌පොකුණු හා වැස්ස ගත හැකිය. පෘථිවිය නම් වූ ‌මෙම ‌ලෝකයෙහි වැඩි ‌කොටසක් ජලයෙන් යට වී පවතී. නමුත් එම ජලය ගත් විට පානය කළ හැකි ජලය ඇත්තේ ස්වල්පයකි. 
කෙසේ ‌වෙත්ත පැරන්නන් ම ජල ස්වල්පයත් ආරක්ෂා කර ගනිමින් අරපිරිමැස්මෙන් කලමනාකරණය කර ඇත. අතීත රජවරු තම ‌දේශයේ තැනින් තැන වැව් ඉදි කල බව දැක්වේ. ඔවුන්ගේ අරමුණ ‌මෙම ස්භාවික සම්පත් පැතිරිම තව තවත් පුලුල් කරමින් මහගු පල විදිම හා මතු පරපුරට ආරක්ෂා කර දීම විය හැකිය.  එසේ නම් ‌මෙම අපුර්ව දායාදය අපිද අපගේ මතු පරපුරට ආරක්ෂා කර දිය යුතු ‌වෙමු. 
නමුත් අද වන විට ජල සම්පත විවිධ කාර්යන් නිසා ටිකෙන් ටික අවම වී යයි. අතීතයේ දියුණු වාරි කර්මාන්තයක් ඇති බවට පතල ව තිබු ලංකාව නම් අපගේ දිවයින බීමට අවැසි දිය ‌පොදද මිල ‌ගෙවා ගැනීමට තරම් පහත වැටීම අභාග්‍යයක් ම වන්නේය. ඒ්වාට මුලිකම ‌‌‌හේතුව ‌ලෙස ජල දුෂණය ගත යුතුය. විවිධ මනුශ්‍ය හා සත්තව කටයුතු මුල් ‌කොට ‌ගෙන ‌මෙසේ දුෂණය වන ජලය විනාශ කිරිමට ‌මෙම සුන්දර දූපතේ සිටින අසුන්දර මිනිසුන් කෲර ‌මෙන්ම ‌මෝඩ වී ඇත. ‌කෙසේ ‌හෝ ජලය ලබා ‌දෙන මූලාංගයන් වලට කැලි කසල එක් කිරිම, මල පහ ජලයට බැහැර කිරිම වැනි කටයුතු වලින් වැනසෙන්නේ තමන්ගේම ජිවිත බව ‌නොදත් ‌මෝඩ මිනිසුන් දිගින් දිගටම ‌මෙවැනි කාර්යන් වල ‌යෙදෙමින් රට අස්ථාවර භාවයට ඇද දමයි.
ඒ බැවින් අප එවැනි කටයුතු වලට විරුද්ධව හඩ නැගිය යුත්තෙමු.‌කෙසේ ‌හෝ ‌මෙම ජල විනාශය නැවැත්විය යුත්තෙමු. එම කාර්ය සියලු ‌දෙනා එක්වුවහොත් එය සාර්ථක කර ගත හැකිය. ජලය වැසස්ථාන කරගත් ‌මෙන්ම ජලය මත යැපෙන සතුන්ද සිටී. තවද මිනිස් වර්ගයාගේ පැවැත්ම උදෙසා ‌හේතු වන ජලය විනාශ කලහොත් දරුණු හිගයකට මුහුණ දීමට ‌හේතු වන බව නිසැකය. එය මනාව ‌තේරුම් ගනිමින් ජලය කලමනාකරණය කළ යුතුය.

No comments:

Post a Comment