ළමා මානසිකත්වයට අත්වැලක් සපයමු
ආදරණිය කැදැල්ලක වටිනාම සම්පත දරුවන්ය. දරුවන් පවුලට පැමිණි දා සිට ඔවුන් රටේ අනාගතය බාර ගැනීමට සුදානම් වන පිරිසය. සමාජයේ සිටින දරුවන් හරියට මල් වගේ හරිම සියුමැලියි බෙහෝ දෙනා පවසති. ඒ් සියුමැලි ආදරණිය සිත් රිදවා තලා පෙලා දැමිමට කටයුතු කරන්නේ නම් ලෝකය සුවදවත් කරන ලස්සන කරන මල් නොමැති වූ පරිසරයක් සේ මේ සමාජය කටුක වනවා නිසැකය.
සියුමැලි සිත් ඇති ළමා ලෝකය රැක ගනිමින් අනාගත ලෝකයට යහපත් ළමයෙකුු බිහි කරනවාද අනාගතයක් නැති ළමා ලොවක් නැති සමාජයක් ගොඩ නගනවාද වගකීම පැවරෙන්නේ වැඩිහිටියන් වන ඔබ හටයි.
දරුවෙකුගේ පළමු ගුරුවරයා වන්නේ තමන්ගේ අම්මයි තාත්තයි. අවුරුදු හතර පහ වන විට පෙරපාසල් වලට දරුවන් යවන්නේ ඔවුන් තුළ ඇති ලැජ්ජ භය නැති කරගන්න වගේම වැලි බත් උයන්න සෙල්ලම් කරන්න වැනි පුංචි දේ කිරිමටයි. පෙරපාසල් ගුරුවරු ඉතා දක්ෂ විය යුතුයි. මොකද ඉතාමත් පුංචි හිත් ඇති දරුවන් තමන් ලග සිටින නිසාය. ගුරුවරුන් කියන්නේ දරුවෙකුගේ සිත හොදින් තේරැම් ගත හැකි යහපත් පුද්ගලයෙකි.
ජිවිතයක වටිනාකම බොහෝ දුරට ඒ්ත්තූ ගන්වන්නේ පාසල තුළිනි. දරුවන්ට යහපත් දේ කියා දෙමින් ඔවුන් යහමගට ගන්නේ දෙමව්පියන් හා ගුරුවරුන්ය. දරුවන් කියන්නේ අවබෝධයක් මෙන්ම අත්දැකිම් වලින් පරිපුර්ණ වූ පිරිසක් නොවේ. ඉතාමත් ලා බාල පිරිසකටය. ඒ් නිසා දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරිමට මෙන්ම ඔවුන්ට සමීප වීමට වැඩිහිටියන් දැන ගත යුතුය. දරුවන්ට දඩුවම් කිරිම වරදක් නොවේ. නමුත් දරුවන්ගේ වැරදි වලට හිත රිදෙන ලෙස දඩුවම් කිරිම සිදු නොකළ යුතුය. එම වැරදි වලට ඉවසිලිවන්තව හා සුක්ෂම පියවර ගැනීම ගුරුවරුන් මෙන්ම වැඩිහිටියන්ද වටහා ගත යුතුය. පළමුවෙන්ම වැඩිහිටියන් වශයෙන් ඔබ කල යුත්තේ දරුවන්ගෙන් සිදු වු වැරදි වලට සැබෑ තත්වය සොයා බැලිමයි.
සමහර ගුරුවරු හා වැඩිහිටියන් දරුවන් සම්බන්ධව ගන්නා තීරණ වලදී අවසානයේදී ඉතා භයානක පල වලට මුහුණ දීමට සිදු විය හැකිය. දෙවිවරු වගේ ගුරුවරු මේ සමාජයේම නැතුවාම නොවේ. ඒ් අතර දරුවන්ට බොහෝ සාධාරණකම් කරන ගුරුවරුු පිරිසක්ද අපට මේ සමාජය තුළින් දක්නට ලැබේ. ආදර සබදතා හසු වූ විට පාසලින් අස් කිරිම, දුරකථනයක් ලග තිබි අසු වූ විට ය සොරකම් කලා යැයි පැවසිම වැනි චෝදනා අසාධාරණකම් දරුවන්ට කිිිරිම නිසා ඔවුන් පාසල ඉදිරියේම මෙන්ම සමාජය ඉදිරියේ කොතරම් මානසික පීඩනයකට ලක් වනවාද, සත්‍ය සොයා බලා දරුවන්ට අවවාද කිරිම වැරදක් නැත. නමුත් ඔවුන්ට නොයෙක් අපහාස කොට අවමානයට ලක් කිරිමට සුදුසු නැත.
එවැනි සිදුවීම් වලදී දරුවන් කොතෙක් දුරට මානසිකව ඇද වැටෙනවාද යන්න ගුරුවරුන් තේරැම් ගත යුතුය. සුහදව කතා කිරිමෙන් සත්‍ය දැන ගත හැකිය. නැතිව ඔවුන්ට බැනලා, ගහලා සත්‍යදැන ගැනීමට හම්බවෙන්නේ නැත. ඒවාට ඔවුන් තවත් මුරණ්ඩු විය හැක. ඔවුන්ට ආදරයෙන් කරුණාවෙන් තමන් කර වැරුද්ද පෙන්වා දීම සිදු කළ යුතුය. දරුවනගේ පුංචි සිත් රිදවීම දැඩි දඩුවම් ලබා දීම මගින් දඩුවම් ලබන්නේ වැඩිහිටියන්මය. දෙමාපියන් ඉදිරියේ තම දරුවන්ට නොයෙක් වූ අපහාසයන් කිරිමෙන් දෙමව්පිය හිත් කෙතරම් රිදෙනවාද, ඊට වඩා දරුවන්ගේ සිත් රිදෙනවාද, ගුරුවරු කියන්නේ උගත් පිරිසකි. පොතේ දැනුමෙන් පමණක් නොව සමාජෙයේ අවබෝධයද ළමා සිත්ද හොදින් හදුනා ගත හැකි ලෙසද පරිපුර්ණ විය යුතුය. අවබෝධයක් නැති කමට දරුවන් අතින් වැරදි සිදු විය හැකිය. නමුත් ඒ් වැරුද්ද තේරැම් නොකර ඔවුන්ට දඩුවම් කිරිම භායානකය. ඒබැවින් සියලු දෙනාම එක්ව ළමා මානසිකත්වයට අත්වැලක් සැපයීම සියලු දෙනාගේම වගකීමකි.
