maco

maco

Thursday, 30 August 2018

ළමා මානසිකත්වයට අත්වැලක් ‌සපයමු

ආදරණිය කැදැල්ලක වටිනාම සම්පත දරුවන්ය.  දරුවන් පවුලට පැමිණි දා සිට ඔවුන් රටේ අනාගතය බාර ගැනීමට සුදානම් වන පිරිසය. සමාජයේ සිටින දරුවන් හරියට මල් වගේ හරිම සියුමැලියි ‌බෙහෝ ‌දෙනා පවසති. ‌ඒ් සියුමැලි ආදරණිය සිත් රිදවා තලා ‌පෙලා දැමිමට කටයුතු කරන්නේ නම් ‌ලෝකය සුවදවත් කරන ලස්සන කරන මල් ‌නොමැති වූ පරිසරයක් ‌සේ ‌මේ සමාජය කටුක වනවා නිසැකය.
සියුමැලි සිත් ඇති ළමා ‌ලෝකය රැක ගනිමින් අනාගත ‌ලෝකයට යහපත් ළමයෙකුු බිහි කරනවාද අනාගතයක් නැති ළමා ‌ලොවක් නැති සමාජයක් ‌ගොඩ නගනවාද වගකීම පැවරෙන්නේ වැඩිහිටියන් වන ඔබ හටයි.
දරුවෙකුගේ පළමු ගුරුවරයා වන්නේ තමන්ගේ අම්මයි තාත්තයි. අවුරුදු හතර පහ වන විට ‌‌පෙරපාසල් වලට දරුවන් යවන්නේ ඔවුන් තුළ ඇති ලැජ්ජ භය නැති කරගන්න වගේම වැලි බත් උයන්න ‌සෙල්ලම් කරන්න වැනි පුංචි ‌දේ කිරිමටයි. ‌පෙරපාසල් ගුරුවරු ඉතා දක්ෂ විය යුතුයි. ‌මොකද ඉතාමත් පුංචි හිත් ඇති දරුවන් තමන් ලග සිටින නිසාය. ගුරුවරුන් කියන්නේ දරුවෙකුගේ සිත ‌හොදින් ‌තේරැම් ගත හැකි යහපත් පුද්ගලයෙකි.
ජිවිතයක වටිනාකම ‌බොහෝ දුරට ඒ්ත්තූ ගන්වන්නේ පාසල තුළිනි. දරුවන්ට යහපත් ‌දේ කියා ‌දෙමින් ඔවුන් යහමගට ගන්නේ ‌දෙමව්පියන් හා ගුරුවරුන්ය. දරුවන් කියන්නේ අවබෝධයක් ‌මෙන්ම අත්දැකිම් වලින් පරිපුර්ණ වූ පිරිසක් ‌නොවේ. ඉතාමත් ලා බාල පිරිසකටය. ඒ් නිසා දරුවන් ‌කෙරෙහි වැඩි අවධානයක් ‌යොමු කිරිමට ‌මෙන්ම ඔවුන්ට සමීප වීමට වැඩිහිටියන් දැන ගත යුතුය. දරුවන්ට දඩුවම් කිරිම වරදක් ‌නොවේ. නමුත් දරුවන්ගේ වැරදි වලට හිත රිදෙන ‌ලෙස දඩුවම් කිරිම සිදු ‌නොකළ යුතුය. එම වැරදි වලට ඉවසිලිවන්තව හා සුක්ෂම පියවර ගැනීම ගුරුවරුන් ‌මෙන්ම වැඩිහිටියන්ද වටහා ගත යුතුය. පළමුවෙන්ම වැඩිහිටියන් වශයෙන් ඔබ කල යුත්තේ දරුවන්ගෙන් සිදු වු වැරදි වලට සැබෑ තත්වය සොයා බැලිමයි.
සමහර ගුරුවරු හා වැඩිහිටියන් දරුවන් සම්බන්ධව ගන්නා තීරණ වලදී අවසානයේදී ඉතා භයානක පල වලට මුහුණ දීමට සිදු විය හැකිය. ‌දෙවිවරු වගේ ගුරුවරු ‌මේ සමාජයේම නැතුවාම නොවේ. ඒ් අතර දරුවන්ට ‌බොහෝ සාධාරණකම් කරන ගුරුවරුු පිරිසක්ද අපට ‌මේ සමාජය තුළින් දක්නට ලැබේ.  ආදර සබදතා හසු වූ විට පාසලින් අස් කිරිම, දුරකථනයක් ලග තිබි අසු වූ විට ය ‌සොරකම් කලා යැයි පැවසිම වැනි ‌චෝදනා අසාධාරණකම් දරුවන්ට කිිිරිම නිසා ඔවුන් පාසල ඉදිරියේම ‌මෙන්ම සමාජය ඉදිරියේ ‌කොතරම් මානසික පීඩනයකට ලක් වනවාද, සත්‍ය ‌සොයා බලා දරුවන්ට අවවාද කිරිම වැරදක් නැත. නමුත් ඔවුන්ට ‌නොයෙක් අපහාස ‌කොට අවමානයට ලක් කිරිමට සුදුසු නැත.
එවැනි සිදුවීම් වලදී දරුවන් ‌කොතෙක් දුරට මානසිකව ඇද වැටෙනවාද යන්න ගුරුවරුන් ‌තේරැම් ගත යුතුය. සුහදව කතා කිරිමෙන් සත්‍ය දැන ගත හැකිය. නැතිව ඔවුන්ට බැනලා, ගහලා සත්‍යදැන ගැනීමට හම්බවෙන්නේ නැත. ඒවාට ඔවුන් තවත් මුරණ්ඩු විය හැක. ඔවුන්ට ආදරයෙන් කරුණාවෙන් තමන් කර වැරුද්ද ‌පෙන්වා දීම සිදු කළ යුතුය. දරුවනගේ පුංචි සිත් රිදවීම දැඩි දඩුවම් ලබා දීම මගින් දඩුවම් ලබන්නේ වැඩිහිටියන්මය. ‌දෙමාපියන් ඉදිරියේ තම දරුවන්ට ‌නොයෙක් වූ අපහාසයන් කිරිමෙන් ‌දෙමව්පිය හිත් ‌කෙතරම් රිදෙනවාද, ඊට වඩා දරුවන්ගේ සිත් රිදෙනවාද, ගුරුවරු කියන්නේ උගත් පිරිසකි. ‌පොතේ දැනුමෙන් පමණක් ‌නොව සමාජ‌ෙයේ අවබෝධයද ළමා සිත්ද ‌හොදින් හදුනා ගත හැකි ‌ලෙසද පරිපුර්ණ විය යුතුය. අවබෝධයක් නැති කමට දරුවන් අතින් වැරදි සිදු විය හැකිය. නමුත් ඒ් වැරුද්ද ‌තේරැම් ‌නොකර ඔවුන්ට දඩුවම් කිරිම භායානකය. ඒබැවින් සියලු ‌දෙනාම එක්ව ළමා මානසිකත්වයට අත්වැලක් සැපයීම සියලු ‌දෙනාගේම වගකීමකි.

ජල සම්පත සුරකිමු

ස්භාවික සම්පතක් වන ජලය ස්භාධර්ම මෑණියන්ගෙන් ලැබුණු අපුර්ව දායාදයක් ‌ලෙස සලකයි. මිනිසුන් වන අපගේ එදිනෙදා කටයුතු වලදී ජලය නැතුවම බැරි අංගයකි. එනම් බීමට, ස්නානයට,ආහාර පිලියෙල කිරිමට, විනෝදාස්වාදය වැනි අවස්ථාවලටය. අපට ජලය ලබා දෙන මුලාංග ‌ලෙස වැව්, ‌පොකුණු හා වැස්ස ගත හැකිය. පෘථිවිය නම් වූ ‌මෙම ‌ලෝකයෙහි වැඩි ‌කොටසක් ජලයෙන් යට වී පවතී. නමුත් එම ජලය ගත් විට පානය කළ හැකි ජලය ඇත්තේ ස්වල්පයකි. 
කෙසේ ‌වෙත්ත පැරන්නන් ම ජල ස්වල්පයත් ආරක්ෂා කර ගනිමින් අරපිරිමැස්මෙන් කලමනාකරණය කර ඇත. අතීත රජවරු තම ‌දේශයේ තැනින් තැන වැව් ඉදි කල බව දැක්වේ. ඔවුන්ගේ අරමුණ ‌මෙම ස්භාවික සම්පත් පැතිරිම තව තවත් පුලුල් කරමින් මහගු පල විදිම හා මතු පරපුරට ආරක්ෂා කර දීම විය හැකිය.  එසේ නම් ‌මෙම අපුර්ව දායාදය අපිද අපගේ මතු පරපුරට ආරක්ෂා කර දිය යුතු ‌වෙමු. 
නමුත් අද වන විට ජල සම්පත විවිධ කාර්යන් නිසා ටිකෙන් ටික අවම වී යයි. අතීතයේ දියුණු වාරි කර්මාන්තයක් ඇති බවට පතල ව තිබු ලංකාව නම් අපගේ දිවයින බීමට අවැසි දිය ‌පොදද මිල ‌ගෙවා ගැනීමට තරම් පහත වැටීම අභාග්‍යයක් ම වන්නේය. ඒ්වාට මුලිකම ‌‌‌හේතුව ‌ලෙස ජල දුෂණය ගත යුතුය. විවිධ මනුශ්‍ය හා සත්තව කටයුතු මුල් ‌කොට ‌ගෙන ‌මෙසේ දුෂණය වන ජලය විනාශ කිරිමට ‌මෙම සුන්දර දූපතේ සිටින අසුන්දර මිනිසුන් කෲර ‌මෙන්ම ‌මෝඩ වී ඇත. ‌කෙසේ ‌හෝ ජලය ලබා ‌දෙන මූලාංගයන් වලට කැලි කසල එක් කිරිම, මල පහ ජලයට බැහැර කිරිම වැනි කටයුතු වලින් වැනසෙන්නේ තමන්ගේම ජිවිත බව ‌නොදත් ‌මෝඩ මිනිසුන් දිගින් දිගටම ‌මෙවැනි කාර්යන් වල ‌යෙදෙමින් රට අස්ථාවර භාවයට ඇද දමයි.
ඒ බැවින් අප එවැනි කටයුතු වලට විරුද්ධව හඩ නැගිය යුත්තෙමු.‌කෙසේ ‌හෝ ‌මෙම ජල විනාශය නැවැත්විය යුත්තෙමු. එම කාර්ය සියලු ‌දෙනා එක්වුවහොත් එය සාර්ථක කර ගත හැකිය. ජලය වැසස්ථාන කරගත් ‌මෙන්ම ජලය මත යැපෙන සතුන්ද සිටී. තවද මිනිස් වර්ගයාගේ පැවැත්ම උදෙසා ‌හේතු වන ජලය විනාශ කලහොත් දරුණු හිගයකට මුහුණ දීමට ‌හේතු වන බව නිසැකය. එය මනාව ‌තේරුම් ගනිමින් ජලය කලමනාකරණය කළ යුතුය.

විලාසිතාවන් බිල්ලට ‌නොදෙමු

මිනිසා ගත් විට බිළිදු, ළමා , තරුණ, වැඩිහිටි හා මහලු වශයෙන් විවිධ අවධින්ට මුහුණ දීමට සිදු ‌වේ. අප ‌මෙම අවධීන් වලට මුහුණ ‌දෙන්නේ අපේ ජිවිත වලට වටිනාකමක් එක්වන ආකාරයටයි. ඒ් අතරින් කාන්තාවකට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. නමුත් අද ‌බොහෝ විට දක්නට ලැබෙන කාරණයක් වන්නේ තමන්ගේ තරාතිරමට වයසට අනුව ‌නොගැලපෙන විලාසිතා කිරිමට යාමෙන් සමාජයේ උසුලුු විසුලු වලට විවේචනයට ලක් වන කාන්තාවන්ය. ඒ් වගේම ‌නොගැලපෙන විලාසිතා කිරිමෙන් සිදු වන දරුණු හානියක් වන්නේ කාන්තා අපචාරයට ලක් වීමයි. එයට ඇදුම් ‌ලොකු ‌ෙහේතුවක් ‌වේ.
තරුණ වියේදී තමන්ගේ සිත නිතැතින්ම ඇදී යන්නේ විලාසිතාවන්ටය. අද සමාජයේ ලස්සනට ඉන්න අනිත් අයට වඩාා කැපීලා ‌පෙනෙන්න ගැහැණු ළමයි ‌ගොඩක් කැමතියි. අද වන විට විවිධ විලාසිතාවන්ගෙන් ඇදුම් පැලදුම් නිර්මාණය ‌වේ. ‌මේ විලාසිතාවන් අතරේ සිරුර විනිවිධ ‌පෙනෙන ‌ලෙස සිරුර නිරාවරණය වන ‌ලෙස ‌කොට කලිසම, ‌කොට ගවුම,අත් නැති හැට්ට, කැටයම් දැමු ‌ඩෙනිම්, තැනින් තැන ‌මෝස්තර දැමු ඇදුම් තරුණ ගැහැණු ළමුන් අතරේ ඉතා පතලය.
විලාසිතා ගැන කතා කරන ‌කොට විවිධ අය විවිධ අදහස් දරයි. හැදියාවක් නැති කමට විලාසිතා කරනවා කියනවා. තරුණ කාලේ විලාසිතා ‌නොකර කවදා කරන්නද කියනවා. ‌මේ වගේම විවිධ අදහස් තියෙන පිරිස් ‌මේ සමාජයේ ඉන්නවා. විලාසිතා කිරිමට නීති නෑ. නමුත් සමාජ පසුබිමත් එක්ක ගත් විට අද සමාජයේ ‌බොහෝ දුරට පිරිහිමකට ලක් වී තියෙනවා. විලාසිතා වලට ‌හොද පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා. 
තමන්ට ගැලපෙන ‌දේ තමන්ට සුදුස ‌දේ ‌‌‌‌තෝරා ගැනීමට කාන්තාවන් අවධානය ‌යොමු කළ යුතු කරැණකි. අතීතයේ ඇග නිරාවරණය වන ඇදුම් විලාසිතා ලංකාවේ ‌නොතිබුනා ‌නොවේ. උදාහරණ ‌ලෙස සීගිරි ලලනාවන්ට ඇග නිරාවරණව වන විලාසිතා තිබෙන බව ‌පෙනෙනවා. සීගිරි කුරුටු ගී ලියු අය ‌බොහෝ සංයමයෙන් කුරුටු ගී ලියා තියෙනවා. අද සමාජයට ‌මෙවැනි ‌දේ ලියන්නට දුන්නා නම් අසභ්‍ය ‌දේ ලියා කාන්තාවන්ට ‌කෙතරම් අපහාස කරාවිද
වර්තමාන සමාජය ගැන ‌‌සෝදිසි කරන විට ‌පෙනෙනනේ වැඩියෙන්ම ඇග නිරාවරනය වන විනිවිද ‌පෙනෙන විලාසිතා තියෙන්නේ විශේෂයෙන් ‌කොළඹ අවට බවයි. නමුත් ‌කොළඹට වඩා කාන්තා අපචාරයන් වඩාත් සිදු වන්නේ  පිට පළාත්වලය. ‌මෙයට ‌හේතු ව ඇතැම් පිරිමින් තුළ විනිත සංස්කෘතිය පිරිහි ගොස් මානසික විකෘති භාවයෙන් ‌පෙලෙන පුද්ගලයින් බිහි වීමයි. ලාංකීය සංස්කෘතිය ‌නොගැලපෙන විලාසිතා කරන්නට ගිය විට කාන්තාවන්ට වන විපත ගැන අද වන විට මනා සිහි බුද්ධියෙන් කල්පනා  කර ජිවත් වීම ඉතා වැදගත්ය. කාන්තාවන් අනවශ්‍ය ‌ලෙස ඇග නිරාවරණය කර ඇදුම් ඇදීමෙන් සිදු වන්නේ පිරිහි ගිය විකෘති මානසිකත්වයෙන් සිටින කාම පිපාසිකයින්ට ඔබේ විලාසිතාව අත වැනිමයි.
තමන් ජිවත් වන්නේ කුමන වටපිටාවන් ඇති පරිසරයකද යන්න හැම ‌මොහොතේම සිහි තබා ගත යුතුය. ජිවත් වන පරිසරයට තමන් කරන විලාසිතාව ගැලපෙනවාද එයින් ඔබට ‌කොතරම් ආරක්ෂාව ලැබෙනවාද යන්න ඇදුමක් මිලදී ගන්නා විට හා විලාසිතා කරන විට බුද්ධිමත්ව තීරණ ගැනීම වර්තමානය වන විට ඉතා වැදගත් කරුණකි. 
දෙමාපියන්ද තමන්ගේ දුව අදින පළදින විදිය ගැන ‌සොයා බැලීම ඉතා වැදගත් ‌වේ. අැග පත ‌නොපෙනෙන ආකාරයට විලාසිතා කිරිමට කුඩා කාලයේදීම කියා දීමෙන් තමන්ගේ ජිවිතයට වටිනාකමක් ‌‌ගෞරවයක් රැකෙන ‌ලෙසට විලාසිතා කිරිමට පුරුදු කිරිමෙන් කෲර සමාජයේ කාම පිපාසිතයන්ගේ බිල්ලකට ඔබ අසු වන්නේ නැත. විලාසිතාවට ‌මොනතරම් සිත නැමුණත් ඔබ ඔබේ ආරක්ෂාව තහවුරු  වන ‌ලෙස ඇදිය යුතුය.
රූපවාහිනිය විලාසිතා සගරා, අනතර්ජාලය වැනි මාධ්‍යයන් හරහා විවිධ වූ විලාසිතාවන් ඉදිරිපත් කරාවි. නමුත් ඔබ සහභාගී වන්නේ ‌කොතනටද මංගල උත්සවයකටද, පන්සලකටද යන්න නැවත නැවත සිහියට ගනිමින් සංවර ඇග නිරාවරණය ‌නොවන තමන්ට ආරක්ෂාවක් සැලසෙන විලාසිතාවන් කරන්න. තමන් යන තැන්වල කුමන මානසික මට්ටම් වල අයද ඉන්නේ ඒ අයට අනුව ගැලපෙන විලාසිතාවන් කරන්න. එවිට විලාසිතාවන්ට වඩා ආරක්ෂාව තමන්ගේ ජිවිතය ලස්සන කරන බව මතක තබා ගන්න.

ළමා ජිවිත අගය කරමු 

වර්මාතමාන ‌ලෝකයේ ‌දෙස බැලුවත් අපේ රට, පදේශය බැලුවත් රටක වටිනාම සම්පත වන්නේ ළමයි. ‌නොයෙක් මනෝ විද්‍යාඥයින් ළමුන්‌ගේ වයස ගැන ‌නොයෙක් අර්ථකථන දක්වයි. නමුත් පාසල් යන වයසේ සියලු ‌දෙනාම ළමුන් ‌ලෙසයි සලකන්න ඔිනි. අද මුහුණ දීමට සිදු වී තිබෙන මුලික ගැටලුව වන්නේ ළමයින්ගේ ජිවිත පිලිබදවයි. අද ජනමාධ්‍ය වලින් නිතරම දකින්න ලැබෙන්නේ ළමුන්ගේ ජිවිත අනතුරේ බවයි. නැත්නම් බාල අපචාර වර්ධනය වී ඇති බවයි. 
පළමුවෙන්ම ‌දෙමව්පියන්ට ළමා ජිවිතවල වටිනාකම ‌තේරේන්න ඔිනි. මීට දශක කීපයකට ‌පෙර අපේ පවුල් එකටමයි ජිවත් වුනේ. දරුවෝ  සෑහෙන කාලයක් හැදුනේ වැඩිහිටියන් යටතේ. ඒ් නිසා දරුවන්ට ‌හොද ආරක්ෂාවක් තිබුනා. ඔවුන්ගෙන් දැනමුතුකම් ඉගනගන්න ලැබුනා. සියලු ‌දෙනාගේම ‌සෙනෙහස පවා ලැබුනා. අවාසනාවකට අද වන විට අම්මලා තාත්තලා අපිව පාසලට බාර දීලා රැකියා වල හවසට ‌ගෙදර ඇවිදින් ‌ගේ ‌දෝරේ වැඩ. අම්මලාගේ ආදරය ‌සෙනෙහස ලැබෙන්නේ අඩුවෙන්. ඒ් නිසා දරුවන්ගේ ‌‌ආත්ම ශක්තිය ටිකෙන් ටික පිරිහිමට පත් ‌වෙනවා. අම්මලා තාත්තලා නැති වන විට ළමයින් නරක යාලුවෝ ඇසුරු කරලා බාල අපචාර වලට ‌යොමු ‌වෙනවා. ‌ලොකු  ‌හොර මැර කම්වලට මත්පැනට ‌නොදෙනීම ‌යොමු වී අවසානය.
අද ළමයින්ගේ ජිවිත හෑල්ලුවට ලක් කරලා සමහර ‌දෙමව්පියන් ධනවත් පවුල්වලට විකුණනවා බැලමෙහෙවරකම් වලට. අර කුඩා දරුවන්‌ට ශාරීරික මානසික වද ‌දෙමින් වැඩ ගන්නවා.ඔවුන්ගේ සිතේ එවිට ඇති වන ‌වෛරය නිසා මුලු සමාජයම මහා භායානක ඉරණමකට නුදුරු අනාගතයේම ‌ගොදුරු ‌වෙනවා.
අපේ රටේ ළමුන්ගේ අගය ‌තේරැම් ගත යුතුය. පාසල් ජිවිත හැරුණු විට ටියුෂන් කලාව ‌බොහෝ පතලදෙයකි. විනයක් නෑ.ආරක්ෂාවක් නෑ.පුවත්පත් වලින් අපට දක්න්නට ලැබෙන්නේ සමහර ටියුෂන් වලින් ලැබෙන නරක පලයන්ය. ‌මේ නිසා වැඩිහිටියන්ගේ අවධානය ‌මේ සදහා ‌යොමු විය යුතු කාලයකි ‌මේ ඇවිදින් තියෙන්නේ.
රටක අනාගතය භාරගන්න ඉන්න පුංචි දරුවන් ‌වෙනුවෙන් ‌ලෝකයේම ඔක්තෝම්බර් 1 දින ‌ලෝක ළමා දිනය ‌ලෙස නම් කර තිබෙනවා. ළමුන්ගේ වටිනාකම ‌දෙමාපියන්, ආගමික නායකයින්,‌ දේශපාලඥයන් වටහා ‌ගෙන කටයුතු කළ යුතු කරුණකි. වැඩිහිටියන් යහපත් ජිවිතයක් ගත කරනවා නම් ළමුන්ද ඒ් අනුව ගමන් කරනවා.  ඒ් නිසා යහපත් සමාජයක් ‌ගොඩ නගා ගැනීමට බාල පරපුර සකස් කර ගැනීම වැදගත් ‌දෙයකි. ළමුන්ගේ අගය ‌තේරුම් ‌ගෙන ඔවුන්ගෙන් යහපත්    පුරවැසියන් බිහි කළ යුතුය.

Wednesday, 22 August 2018

මත් රකුසාගෙන් ‌‌‌‌‌බේරෙමු 


         මත්පැන්   නිසා මුලු ‌ලෝකයම අද අසහනයට පත් ‌වෙලා. ගැටලු වලට මුහුණ දීලා. අද අපගේ නිවසක් දිහා බලන්න. ඒ හැමතැනම මත් පැනින් පිස්සු වැටිලා.  අපේ රට නිමල බුදු දහමින් ‌පෝෂණය වුනු රටකි. පස්කම් පව්වලිිිින් ‌තොරව සාමකාමී ව ජිවත් වූ පිරිසකි. අපව ‌භේද බින්න කරන්න අපේ සමගිය බිද ‌හෙලන්න බැරි වුනා. අවාසනාවකට සිංහල ජනතාවගේ සමගිය ඉවසුම් ‌නොදුන් විදේශික‌ෙයෝ අපට මත් පැන් පුුුුරුදු කලා. අප සැවොම එයට රැවටි අපව පිස්සන් කරන මත් රකුසාට බිලි වුණා. ‌  මෙහි භයානකකම ‌නොදන්නා පාසල් දරුවන් ‌මේ මත්පැන් වලට ‌ගොදුරු ‌වෙලා අවසානයි. දුම් පානයට පමණක් ‌නොවේ මරණය කැදවන ‌හෙරොයින් වැනි කුඩුවලටත් ‌ගොදුරු ‌වෙලා. 

අද ‌ලොකයේ පමණක් ‌නොව අපේ ලංකාවෙත් ගමක් ගමක් පාසා මත් රකුසා සැරිසරනවා.  මිනිසුන් මරා ‌‌‌‌හෝ මුදල් ‌හොයන්න දගලන මිනිස්සු අහිංකයන් රවටා ගන්නවා. අපව හතර වටින් වට කරලා අපේ ආර්ථිකය බිම දමනවා. මත් රකුසා තුරන් කිරිමට ව්‍යාපාර ‌ගෙන යා යුතුය. නගරයක් නගරයක් පාසා ඇති රජයේ තැබෑරුම් වලට සීමාවන් පැනවිය යුතුය. දැඩි දඩුවම් ලබා දිය යුතුය.

ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරිම වැදගත්ය. අපේ  රටේ පුංචි දරුවන් මත් රකුසාට බිලිවෙන්නේ වැඩිහිටියන්ගේ වරදින්මයි. අද බලන්න ‌ගෙදරක මැද සාලයක ලස්සනට තබා ඇත්තේ ‌මොනවාද හිස් මත්පැන් ‌බෝතල් අලු බදුන් ආදියයි. අපේ පුංචි ළමුන්ට මත් පැන් දුම් වැටි සම්බන්ධව නැති වටිනාකමක් ‌මෙයින් ඇති වන්නේ නැද්ද?  ඒ් වගේම ‌ගෙවල්වල දරුවන් ඉදිරියේ ‌මේ නරක සිරිත් වැඩිහිටියෝ කරන්නේ මහා උජාරුවෙනි. ඒයින්් ‌වෙන්නේ සිය දිවි නසා ගැනීමන් ‌නොවෙද?
මත් පැන් පළමුවෙන් ම තමන්ගේ නිවසින් බැහැර කළ යුතුයි. ‌මේ මිනිසුන් මවාපාන ‌බොරු වටහා ගැනිම්   රැවටිල්ලට අසු ‌නොවිමට වග බලා ගත යුතුය. ඒයින් අපේ ‌පෞර්ෂත්වය වැඩි දියුණු කරගෙන යහපත් පුරවැසියන් වීමට පුරුදු විය යුතුය.

Wednesday, 25 July 2018

සද තරුපාන ඉකි බිදිනා රෑ කාලේ
සුසුමට පහස දැනුනා රහසින් නුඹගේ
නිල් දිය වගේ රැලි නැගෙන ‌නෙත් මා‌‌නේ
සිතුවිලි ඔහේ ඉගීලි ගියදෙන් මාගේ

හඩ  නගනා රැහැයි නාදය අවසානයි
නුඹ කියු මියුරකවී ගී මතකය පාරයි
බට ලී නාදයද ගොලු වී සිත පාරයිපෙම්කව් ලියු පෙම්පත නුඹටම බාරයි
බාලේ ඉදන් දැනුනා නුඹේ නෙත් මානේ
සසරේ පුරා ඉන්නට පැතුවා රහසේ
දෙගුරැන්   වදන්  ළග අසරණ අපේ පෙම
නාඩන් මස්සිනේ පෙර පින් නැතුවානේ
ඉකිලන කදුලු නාෙහලාන්  ම ෙග් නමින්
බරෙවන පැතුම් සුලගට අතහැරපන්
නිවන් දකින තුරු සස ෙර් මුණ ගැහියන්.....