විලාසිතාවන් බිල්ලට නොදෙමු
මිනිසා ගත් විට බිළිදු, ළමා , තරුණ, වැඩිහිටි හා මහලු වශයෙන් විවිධ අවධින්ට මුහුණ දීමට සිදු වේ. අප මෙම අවධීන් වලට මුහුණ දෙන්නේ අපේ ජිවිත වලට වටිනාකමක් එක්වන ආකාරයටයි. ඒ් අතරින් කාන්තාවකට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. නමුත් අද බොහෝ විට දක්නට ලැබෙන කාරණයක් වන්නේ තමන්ගේ තරාතිරමට වයසට අනුව නොගැලපෙන විලාසිතා කිරිමට යාමෙන් සමාජයේ උසුලුු විසුලු වලට විවේචනයට ලක් වන කාන්තාවන්ය. ඒ් වගේම නොගැලපෙන විලාසිතා කිරිමෙන් සිදු වන දරුණු හානියක් වන්නේ කාන්තා අපචාරයට ලක් වීමයි. එයට ඇදුම් ලොකු ෙහේතුවක් වේ.
තරුණ වියේදී තමන්ගේ සිත නිතැතින්ම ඇදී යන්නේ විලාසිතාවන්ටය. අද සමාජයේ ලස්සනට ඉන්න අනිත් අයට වඩාා කැපීලා පෙනෙන්න ගැහැණු ළමයි ගොඩක් කැමතියි. අද වන විට විවිධ විලාසිතාවන්ගෙන් ඇදුම් පැලදුම් නිර්මාණය වේ. මේ විලාසිතාවන් අතරේ සිරුර විනිවිධ පෙනෙන ලෙස සිරුර නිරාවරණය වන ලෙස කොට කලිසම, කොට ගවුම,අත් නැති හැට්ට, කැටයම් දැමු ඩෙනිම්, තැනින් තැන මෝස්තර දැමු ඇදුම් තරුණ ගැහැණු ළමුන් අතරේ ඉතා පතලය.
විලාසිතා ගැන කතා කරන කොට විවිධ අය විවිධ අදහස් දරයි. හැදියාවක් නැති කමට විලාසිතා කරනවා කියනවා. තරුණ කාලේ විලාසිතා නොකර කවදා කරන්නද කියනවා. මේ වගේම විවිධ අදහස් තියෙන පිරිස් මේ සමාජයේ ඉන්නවා. විලාසිතා කිරිමට නීති නෑ. නමුත් සමාජ පසුබිමත් එක්ක ගත් විට අද සමාජයේ බොහෝ දුරට පිරිහිමකට ලක් වී තියෙනවා. විලාසිතා වලට හොද පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා.
තමන්ට ගැලපෙන දේ තමන්ට සුදුස දේ තෝරා ගැනීමට කාන්තාවන් අවධානය යොමු කළ යුතු කරැණකි. අතීතයේ ඇග නිරාවරණය වන ඇදුම් විලාසිතා ලංකාවේ නොතිබුනා නොවේ. උදාහරණ ලෙස සීගිරි ලලනාවන්ට ඇග නිරාවරණව වන විලාසිතා තිබෙන බව පෙනෙනවා. සීගිරි කුරුටු ගී ලියු අය බොහෝ සංයමයෙන් කුරුටු ගී ලියා තියෙනවා. අද සමාජයට මෙවැනි දේ ලියන්නට දුන්නා නම් අසභ්‍ය දේ ලියා කාන්තාවන්ට කෙතරම් අපහාස කරාවිද
වර්තමාන සමාජය ගැන සෝදිසි කරන විට පෙනෙනනේ වැඩියෙන්ම ඇග නිරාවරනය වන විනිවිද පෙනෙන විලාසිතා තියෙන්නේ විශේෂයෙන් කොළඹ අවට බවයි. නමුත් කොළඹට වඩා කාන්තා අපචාරයන් වඩාත් සිදු වන්නේ පිට පළාත්වලය. මෙයට හේතු ව ඇතැම් පිරිමින් තුළ විනිත සංස්කෘතිය පිරිහි ගොස් මානසික විකෘති භාවයෙන් පෙලෙන පුද්ගලයින් බිහි වීමයි. ලාංකීය සංස්කෘතිය නොගැලපෙන විලාසිතා කරන්නට ගිය විට කාන්තාවන්ට වන විපත ගැන අද වන විට මනා සිහි බුද්ධියෙන් කල්පනා කර ජිවත් වීම ඉතා වැදගත්ය. කාන්තාවන් අනවශ්‍ය ලෙස ඇග නිරාවරණය කර ඇදුම් ඇදීමෙන් සිදු වන්නේ පිරිහි ගිය විකෘති මානසිකත්වයෙන් සිටින කාම පිපාසිකයින්ට ඔබේ විලාසිතාව අත වැනිමයි.
තමන් ජිවත් වන්නේ කුමන වටපිටාවන් ඇති පරිසරයකද යන්න හැම මොහොතේම සිහි තබා ගත යුතුය. ජිවත් වන පරිසරයට තමන් කරන විලාසිතාව ගැලපෙනවාද එයින් ඔබට කොතරම් ආරක්ෂාව ලැබෙනවාද යන්න ඇදුමක් මිලදී ගන්නා විට හා විලාසිතා කරන විට බුද්ධිමත්ව තීරණ ගැනීම වර්තමානය වන විට ඉතා වැදගත් කරුණකි.
දෙමාපියන්ද තමන්ගේ දුව අදින පළදින විදිය ගැන සොයා බැලීම ඉතා වැදගත් වේ. අැග පත නොපෙනෙන ආකාරයට විලාසිතා කිරිමට කුඩා කාලයේදීම කියා දීමෙන් තමන්ගේ ජිවිතයට වටිනාකමක් ගෞරවයක් රැකෙන ලෙසට විලාසිතා කිරිමට පුරුදු කිරිමෙන් කෲර සමාජයේ කාම පිපාසිතයන්ගේ බිල්ලකට ඔබ අසු වන්නේ නැත. විලාසිතාවට මොනතරම් සිත නැමුණත් ඔබ ඔබේ ආරක්ෂාව තහවුරු වන ලෙස ඇදිය යුතුය.
රූපවාහිනිය විලාසිතා සගරා, අනතර්ජාලය වැනි මාධ්‍යයන් හරහා විවිධ වූ විලාසිතාවන් ඉදිරිපත් කරාවි. නමුත් ඔබ සහභාගී වන්නේ කොතනටද මංගල උත්සවයකටද, පන්සලකටද යන්න නැවත නැවත සිහියට ගනිමින් සංවර ඇග නිරාවරණය නොවන තමන්ට ආරක්ෂාවක් සැලසෙන විලාසිතාවන් කරන්න. තමන් යන තැන්වල කුමන මානසික මට්ටම් වල අයද ඉන්නේ ඒ අයට අනුව ගැලපෙන විලාසිතාවන් කරන්න. එවිට විලාසිතාවන්ට වඩා ආරක්ෂාව තමන්ගේ ජිවිතය ලස්සන කරන බව මතක තබා ගන්න.
No comments:
Post a Comment