maco

maco

Thursday, 30 August 2018

ළමා ජිවිත අගය කරමු 

වර්මාතමාන ‌ලෝකයේ ‌දෙස බැලුවත් අපේ රට, පදේශය බැලුවත් රටක වටිනාම සම්පත වන්නේ ළමයි. ‌නොයෙක් මනෝ විද්‍යාඥයින් ළමුන්‌ගේ වයස ගැන ‌නොයෙක් අර්ථකථන දක්වයි. නමුත් පාසල් යන වයසේ සියලු ‌දෙනාම ළමුන් ‌ලෙසයි සලකන්න ඔිනි. අද මුහුණ දීමට සිදු වී තිබෙන මුලික ගැටලුව වන්නේ ළමයින්ගේ ජිවිත පිලිබදවයි. අද ජනමාධ්‍ය වලින් නිතරම දකින්න ලැබෙන්නේ ළමුන්ගේ ජිවිත අනතුරේ බවයි. නැත්නම් බාල අපචාර වර්ධනය වී ඇති බවයි. 
පළමුවෙන්ම ‌දෙමව්පියන්ට ළමා ජිවිතවල වටිනාකම ‌තේරේන්න ඔිනි. මීට දශක කීපයකට ‌පෙර අපේ පවුල් එකටමයි ජිවත් වුනේ. දරුවෝ  සෑහෙන කාලයක් හැදුනේ වැඩිහිටියන් යටතේ. ඒ් නිසා දරුවන්ට ‌හොද ආරක්ෂාවක් තිබුනා. ඔවුන්ගෙන් දැනමුතුකම් ඉගනගන්න ලැබුනා. සියලු ‌දෙනාගේම ‌සෙනෙහස පවා ලැබුනා. අවාසනාවකට අද වන විට අම්මලා තාත්තලා අපිව පාසලට බාර දීලා රැකියා වල හවසට ‌ගෙදර ඇවිදින් ‌ගේ ‌දෝරේ වැඩ. අම්මලාගේ ආදරය ‌සෙනෙහස ලැබෙන්නේ අඩුවෙන්. ඒ් නිසා දරුවන්ගේ ‌‌ආත්ම ශක්තිය ටිකෙන් ටික පිරිහිමට පත් ‌වෙනවා. අම්මලා තාත්තලා නැති වන විට ළමයින් නරක යාලුවෝ ඇසුරු කරලා බාල අපචාර වලට ‌යොමු ‌වෙනවා. ‌ලොකු  ‌හොර මැර කම්වලට මත්පැනට ‌නොදෙනීම ‌යොමු වී අවසානය.
අද ළමයින්ගේ ජිවිත හෑල්ලුවට ලක් කරලා සමහර ‌දෙමව්පියන් ධනවත් පවුල්වලට විකුණනවා බැලමෙහෙවරකම් වලට. අර කුඩා දරුවන්‌ට ශාරීරික මානසික වද ‌දෙමින් වැඩ ගන්නවා.ඔවුන්ගේ සිතේ එවිට ඇති වන ‌වෛරය නිසා මුලු සමාජයම මහා භායානක ඉරණමකට නුදුරු අනාගතයේම ‌ගොදුරු ‌වෙනවා.
අපේ රටේ ළමුන්ගේ අගය ‌තේරැම් ගත යුතුය. පාසල් ජිවිත හැරුණු විට ටියුෂන් කලාව ‌බොහෝ පතලදෙයකි. විනයක් නෑ.ආරක්ෂාවක් නෑ.පුවත්පත් වලින් අපට දක්න්නට ලැබෙන්නේ සමහර ටියුෂන් වලින් ලැබෙන නරක පලයන්ය. ‌මේ නිසා වැඩිහිටියන්ගේ අවධානය ‌මේ සදහා ‌යොමු විය යුතු කාලයකි ‌මේ ඇවිදින් තියෙන්නේ.
රටක අනාගතය භාරගන්න ඉන්න පුංචි දරුවන් ‌වෙනුවෙන් ‌ලෝකයේම ඔක්තෝම්බර් 1 දින ‌ලෝක ළමා දිනය ‌ලෙස නම් කර තිබෙනවා. ළමුන්ගේ වටිනාකම ‌දෙමාපියන්, ආගමික නායකයින්,‌ දේශපාලඥයන් වටහා ‌ගෙන කටයුතු කළ යුතු කරුණකි. වැඩිහිටියන් යහපත් ජිවිතයක් ගත කරනවා නම් ළමුන්ද ඒ් අනුව ගමන් කරනවා.  ඒ් නිසා යහපත් සමාජයක් ‌ගොඩ නගා ගැනීමට බාල පරපුර සකස් කර ගැනීම වැදගත් ‌දෙයකි. ළමුන්ගේ අගය ‌තේරුම් ‌ගෙන ඔවුන්ගෙන් යහපත්    පුරවැසියන් බිහි කළ යුතුය.

No comments:

Post a Comment