මත් රකුසාගෙන් බේරෙමු
මත්පැන් නිසා මුලු ලෝකයම අද අසහනයට පත් වෙලා. ගැටලු වලට මුහුණ දීලා. අද අපගේ නිවසක් දිහා බලන්න. ඒ හැමතැනම මත් පැනින් පිස්සු වැටිලා. අපේ රට නිමල බුදු දහමින් පෝෂණය වුනු රටකි. පස්කම් පව්වලිිිින් තොරව සාමකාමී ව ජිවත් වූ පිරිසකි. අපව භේද බින්න කරන්න අපේ සමගිය බිද හෙලන්න බැරි වුනා. අවාසනාවකට සිංහල ජනතාවගේ සමගිය ඉවසුම් නොදුන් විදේශිකෙයෝ අපට මත් පැන් පුුුුරුදු කලා. අප සැවොම එයට රැවටි අපව පිස්සන් කරන මත් රකුසාට බිලි වුණා. මෙහි භයානකකම නොදන්නා පාසල් දරුවන් මේ මත්පැන් වලට ගොදුරු වෙලා අවසානයි. දුම් පානයට පමණක් නොවේ මරණය කැදවන හෙරොයින් වැනි කුඩුවලටත් ගොදුරු වෙලා.
අද ලොකයේ පමණක් නොව අපේ ලංකාවෙත් ගමක් ගමක් පාසා මත් රකුසා සැරිසරනවා. මිනිසුන් මරා හෝ මුදල් හොයන්න දගලන මිනිස්සු අහිංකයන් රවටා ගන්නවා. අපව හතර වටින් වට කරලා අපේ ආර්ථිකය බිම දමනවා. මත් රකුසා තුරන් කිරිමට ව්‍යාපාර ගෙන යා යුතුය. නගරයක් නගරයක් පාසා ඇති රජයේ තැබෑරුම් වලට සීමාවන් පැනවිය යුතුය. දැඩි දඩුවම් ලබා දිය යුතුය.
ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරිම වැදගත්ය. අපේ රටේ පුංචි දරුවන් මත් රකුසාට බිලිවෙන්නේ වැඩිහිටියන්ගේ වරදින්මයි. අද බලන්න ගෙදරක මැද සාලයක ලස්සනට තබා ඇත්තේ මොනවාද හිස් මත්පැන් බෝතල් අලු බදුන් ආදියයි. අපේ පුංචි ළමුන්ට මත් පැන් දුම් වැටි සම්බන්ධව නැති වටිනාකමක් මෙයින් ඇති වන්නේ නැද්ද? ඒ් වගේම ගෙවල්වල දරුවන් ඉදිරියේ මේ නරක සිරිත් වැඩිහිටියෝ කරන්නේ මහා උජාරුවෙනි. ඒයින්් වෙන්නේ සිය දිවි නසා ගැනීමන් නොවෙද?
මත් පැන් පළමුවෙන් ම තමන්ගේ නිවසින් බැහැර කළ යුතුයි. මේ මිනිසුන් මවාපාන බොරු වටහා ගැනිම් රැවටිල්ලට අසු නොවිමට වග බලා ගත යුතුය. ඒයින් අපේ පෞර්ෂත්වය වැඩි දියුණු කරගෙන යහපත් පුරවැසියන් වීමට පුරුදු විය යුතුය.
No comments:
Post a Comment