maco

maco

Wednesday, 25 July 2018


                          හිච්චාගේ අසනීපය

                      ගුරු පාර දිගේ ඇවිදගෙන යන මට මහත් පාලුවක් දැනුනේ හිච්චි මල්ලිි අද පාසල ඇරි මා සමග ‌නොපැමිනි නිසාය. ‌වෙනද‌ාට ගල් මුල් වලට පයින් ගහ ගහා කැලේ තියෙන ‌පේර ගැට කකා පැමිණෙන මල්ලියි මමයි ‌ගෙදර ඒන්නේ  මහත් සතුටිනි. අද මල්ලි ‌ගෙදර ‌නොපැමිණියේ හවස පන්තියකට සහභාගී  වු නිසායිි.  ඉක්මනින් ‌ගෙදරට පැමිණි මම ඇගපත ‌සෝදා බත් කැවෙමි. 
          "හිච්චි පුුතේ "
අම්මාගේ කටහඩ ඇසුණී. ‌හේනේ සිට එන අම්මා දුටු මම මිදුලට දිව ගියෙමි.
"කෝ දූ හිච්චා මල්ලි ‌ගෙදර ආවද  "අහමින් අම්මා මලු ටික බිම තබා ඉසතෝප්පුවේ බැම්මේ වාඩි විය. 
" තාම ආවේ නෑ අම්මා. අද හවස පන්තියක් කිව්වා"කියමින් මා කුස්සියට ගියේ මහන්සි වී ආ අම්මාට ‌තේ ‌කෝප්පයක් රැගෙන ඒ්මටය.  අම්මාට ‌තේ ඒක ‌ගෙන එන විට හිච්චාද අම්මා ලග වාඩි වී සිටින බව මට දිස් විය. 
වෙනදා තරම් සතුටක් හිච්චි මල්ලිගේ මුහුණේ තිබුණේ නැත. ඒයට ‌හේතුව මල්ලිට පැපොල ‌රෝගය සෑදී ඇති බව අම්මා පැවසිය. ඉක්මනින් ඇගපත ‌සෝදා ගත් අම්මා ඉන්පසු කල කී දැ පසෙකට වී මම බලා සිටියෙමි. 
"දුව ඉක්මනට හන්දියේ කඩේට ගිහින් පන් පැදුරක් අරන එන්නකෝ..". මම කඩේට ‌ගොස් පැදුරක් රැගෙන ආවෙමි.
ගෙදර ඒන විට අම්මා ඇතුලත කාමරය අතු පතු ගා වතුර භාජනයට කහ කුඩු එකතු කර සකස් කර ගත් කහ දියර ඉස තිබුනි. පසුව පන් පැදුර ද බිම එලන්නට විය. 
"හිච්චි පුතේ අද ඉදන් ‌සෙල්ලම් කරන්න ඒහෙම යනවා ‌නෙවෙයි ‌හොදේ කාමරෙට ‌වෙලා ඉන්න ඔිනි "යැයි අම්මා ‌කොහොඹ අත්තකින් ‌කොළ ටිකක්  ‌ගෙන පැදුර මත විසුරුවා හැර ඒ මත සුදු ඇද ඇතිරිල්ලක් එලමින් පැවසීය. 
එදින අප්පච්චි ‌ගෙදරට එන විට ටිකක් රෑ ‌බෝ වී තිබුණු නිසා හිච්චි මල්ලිට නින්ද යන්නට විය. පුතාට පැපොල ‌රෝගය සෑදී  ඇති බව අම්මා අප්පච්චිට පැවසීය.  මට මල්ලි බැලීමට යාම තහනම් විය. මම දුකටත් බියටත් පත් විමී.  එතැන් සිට මල්ලිට උවටැන් කිරිමට ගියේ  අම්මා හා අප්පච්චි පමණි.‌ කෝපි ‌ගෙඩියක තරම් ‌‌‌පෙරුම්කායම් ගුලියක් සුදු ‌රෙදි පටියක ගැට ගසා මගේ අත බැන්දාය. මල්ලි අසනීප වූ දා සිට ‌දෛනික ආහාර ‌වේලට මාලු එක් ‌නොවීය. මස් මාලු ‌ගෙදරට ‌ගෙනාවේද නැත. 
"ඇයි අප්පච්චි ‌කොහොඹ ‌කොළ එල්ලන්නේ " අප්පච්චි හිච්චාගේ කාමරේ හා ‌ගෙදරට ඇතුලු වන ‌දොරකඩ  උලුවස්සේ ‌කොහොඹ අතු එල්ලනවා දැක මම ඇසුවෙමි. 
"චුටි දූ ‌කොහොඹ කියන්නේ ‌හොද ‌ඔყෂධයක් ‌කොහොඹ අතු එල්ලුවාම අපේ ‌ගෙදරට එන යන මිනිස්සු දන්නවා අපේ ‌ගෙදර කාට හරි පැපොල ,කම්මුල් ගාය,සරම්ප වැනි ‌වෛරස් ‌රෝගයක් නැතිනම් ‌දෙයියන්ගේ ‌රෝගයක් හැදිලා කියලා." අප්පච්චි මා තුරුල් කර ‌ගෙන පැවසීය.
අම්මා මල්ලිට ‌කොත්තමල්ලි තැම්බු වතුර කැකුලු හාල් කැද බිමට දුනි. මල්ලි ඒ්වා බීවේ අම්මාගේ බල කිරිමටය.
මල්ලිගේ අසනීප තත්වය දැන ගත් ඥාතින් හා අසල්වාසින් අපේ ‌ගෙදර පැමිණියේ තැඹිලි, ‌කෙසෙල්, ‌දොඩම් ආදිය රැගෙනය. පලතුරු කෑමට රුසියෙකු වූ මල්ලි මහත් සතුටින් ආසාවෙන් පලතුරු ආහාරයට ගත්තේය. 
දින ගණනාවක් අම්මා ‌හේනට ‌නොගිය නිසා පාසල් ඇරි මා ‌ගෙදර පැමිණියේද  මහත් සතුටිනි. දවස් ගණාක් මල්ලි කාමරය තුල සිර වී සිටියේ කුඩුවක සිර වී සිටින කුරැලු පැටියෙකු ‌‌‌සේ අමාරුවෙනි. අම්මාගේ බල කිරිමට ම හිච්චා කාමරයේ සිටියේය. එලියට ආව ගියේ වැසිකිලි යාමට පමණි. ඒ් පැමිණි විට ද ‌සෙල්ලම් කිරිමට මට කතා කරයි.  අම්මා ‌කොහොඹ ‌කොළ තම්බා ඒ් වතුරෙන් දින කිහිපයක් මල්ලිව නාවා පිරිසිදු කළාය. දින කිහිපයකින් මල්ලිට සුව වී සිටිනු දැකීමත් අපි සතුටට පත් වීමු. ‌වෙනදාට ‌මෙන් ගගට නෑමට යාම සදහා අම්මා අවසර නුදුන්නාය. මල්ලිගේ මුහුණ  පුරා සෑදී තිබුණු කලු පැල්ලම් ඔහු විහිලු ‌කොට සිනාසිමට අපට කාරණයක් විය. 
"අක්කේ... අපි අම්මත් එක්ක ‌හේනට යමුද?"
 "ආ.. යමු යමු හිච්චෝ"𓀄 අම්මා ද ඉස්සර කරමින් ‌වේගයෙන් ‌හේන ‌දෙසට අපි දිව ගියෙමු.
මෙම සිද්ධිය තුළ අම්මා අනුගමනය කළ වත් පිලිවෙත් වල අරමුණ වුයේ පවුලේ හා අසල්වාසින් අන් අයට ‌රෝගය පැතිර යාම වැලැක්වීම බව මම අවබෝධ කර ගතිමි. ඒය අපේ සංස්කෘතික ගුණාංගයන්ය.

2 comments: